.......ආ‍යුබෝවන්......

Wednesday, December 5, 2012

මම කැමති නෑන ට, නෑන කැමති නෑ මට


ජයමංගල ගී තාලෙට..
පිඹ පිඹ බටදඬු නලා..
ජයපැන් බොන සෙබල රැලක්..
විලසට හඩ තල තලා..

රසකර මම පවසන්නෙමි.. 
මිණි කිංකිණි සොලවලා..
අසනු මැනවි අසනු මැනවි..
අසනු මැනවි තුටුවෙලා...

පරයන ඉඳුනිල් කැට..
දෙනෙතෙහි ඇති කැල්මට..
වසඟ නොවන් මෙහි කවුරුද..
නෑනගෙ එක බැල්මට..

මම කැමතියි නෑනට...//

පොත්ටික තුරුලට අරන්..
මුව මදහස රැලි පෙරන්..
පාසල් යන දෙවැට දිගේ..
නෑනා මගෙ රත්තරන්..

මම කැමතියි නෑනට...//

අඩසඳ වන් නළලතේ..
චන්දන තිළකය ඇතේ..
සිකිපිල වැනි වැනි කෙස් කළඹද..
කිතුල් රෑන පැරදෙතේ..

මම කැමතියි නෑනට නෑනාට 
නෑනා කැමති නෑ මට...
මම කැමතියි නෑනට නෑනාට 
නෑනා කැමති නෑ මට...

මුහුදෙහි රළ පෙල ගැසී..
ගමන සදිසි යන ලැසී...
ඇගෙයි මගෙයි ආදරයට..
ආසිරි මල් වැසි වසියි...

මම කැමතියි නෑනට...//

නහැඹුල් හද කිතිකැවී..
නව රසදුන් සරසවී..
මගෙ දුප්පත් පැලේ ඉන්න..
එනවද මදු මාධවී...

මම කැමතියි නෑනට...//

ඔබෙන් ලැබෙන තොත්තුවේ..
රසයට හද පත්තුවේ..
කිරි පැණියි වගේ ඉන්න..
එන්වද මගෙ වස්තුවේ..

මම කැමතියි නෑනට...//

කරදර බාධක මැද්දේ..
දිවි ගඟ පහලට ඇද්දේ..
ගල් පර දැක පෙරමුණේ.. 
මොන නදියද නැවතුනේ..

මම කැමතියි නෑනට...//

හසරැලි නැත්තම් මුහුණේ..
සිතුවිලි ලස්සන ද නැතේ..
වේදනාව නැති ලොවේ..
ජීවිත රසවත් නොවේ..

මම කැමතියි නෑනට...//

ගන්නට ඔබ වාඩුවක්..
නැහැ මට ඉන් පාඩුවක්.. 
හදමුද අපි කූඩුවක්..
වෙමුද පරවි ජෝඩුවක්..

මම කැමතියි නෑනට...///


ගායනය : සහන් ජයශාන්ත
(මුල් ගායනය සහ ගී පද - එම්. වී ගුණදාස)

Sunday, November 25, 2012

වෙබ් පිටුව PDF එකක් බවට..

ඔබ අන්තර්ජාලය භාවිතා කරන කොට ඔබට අවශ්‍ය වෙබ් පිටු ඕන තරම් හම්බ වෙනවා. ඒවාගෙන් අමතක වෙයි කියල හිතන නමුත් ඔබට එම වෙබ් පිටුත් අනිවාර්යෙන්ම අනාගතයේදී අවශ්‍ය වෙනවාවනම් ඔබ කරන්නේ එම පිටු Bookmark කරගැනීම හෝ එම වෙබ් පිටුවම ඔබගේ පරිගණකයට Save කර ගැනීමයි.
මෙම ක්‍රම දෙකම සාර්ථක ක්‍රම උනාට මීට වඩා ගොඩක් හොද ක්‍රමයක් තමයි ඔබට අවශ්‍ය වෙබ් පිටුව PDF එකක් විදියට Save කරගන්න පුළුවන් එක. එතකොට ඔබට පුළුවන් අන්තර්ජාලය නොමැති අවස්ථාවක උනත් එම පිටුව ඉතාමත් පැහැදිලිව බලාගන්න.

ඔබ භාවිතා කරන්නේ Google Chrome Browser එකනම් ඔබට පුළුවන් ඕනෑම වෙබ් පිටුවක් කිසිම Extension එකක් නැතිව Google Chrome Browser එක හරහාම එම වෙබ් පිටුව PDF එකක් බවට හරවා Download කරගන්න.
මුලින්ම ඔබට අවශ්‍ය වෙබ් පිටුවට ගිහින් CTRL Button එකත් සමග P අකුර ඔබන්න. එතකොට පහත ආකාරයේ Windows එකක් ඔබට දිස්වේවි.

එතනින් ඔබට Destination එක change කරන්න Save As PDF විදියට. ඒ විදියට Destination එක change කරාම ඊට ඉහලින් ඇති Save Button එක Click කිරීම මගින් ඔබට අවශ්‍ය ඕනෑම වෙන් පිටුවක් PDF එකක් බවට හරවා Download කරගන්න පුළුවන්.

Wednesday, July 25, 2012

මොබයිල් ෆොන් වල රහස් කේතයන්


NOKIA

1.   *#92702689#  - දුරකතනය භාවිතා කල ඇති කාලය,නිෂ්පාදන වර්ෂය,දිනය විකිනුම් දිනය
2.   *#0000#  -  මෘදුකාංග සංස්කරණයේ දිනය, මාදිලිය
3.   *#7780#  - කර්මාන්ත ශාලාවේ සකසා තිබු මුල් තත්වයට පත් කරයි 
4.   *#06# - අදාල එමි නම්බර් එක බලාගත හැක


Sony Ericsson


1.   use joy and * like this
                                         -> * <- <- * <- *   - සම්පුර්න විස්තර සහිත මෙනුව


2.    #82# - මෘදුකාංග සංස්කරනයේ දිනය
3.    0#  -  අවසන් වරට ඩයල් කල නම්බර්


Samsung Anroid


1.   *#*#7780#*#        -  කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට පරිවර්තනය කරයි
2.   *#*#232331#*#* -  බ්ලු ටුත් පරීක්ෂාව 
3.   *#*#0*#*#* -       එල් සී ඩී පරීක්ෂාව
4.    *#*#2663#*#*   -  ටච් ස්ක්‍රීන් පරීක්ෂාව


Samsung

1.  *#9999# or *0837 -  මෘදුකාංග සංස්කරණ අංකය,දුරකතන මාදිලිය
2.  #9125#                  -  මෘදුකාංල සංස්කරණ පෙන්වයි
3. *#9998*246#         -  ඩීබග් මෙනුවට 
4. *#9998*523#         -  වයිබ්‍රේට් 
5. *#8999*837#          - හාඩ්වෙයා සංස්කරණ
6.#*2562# or #*3849#  - දුරකතනය රීස්ටාර්ට් කිරීම


Backberry


1. Alt + RBVS             - වෙබ් පිටුවක කෝඩ් බලා ගත හැක
2. Alt + (L)Shift + H     -  හෙල්ප් මී මෙනුවට
4. Alt + (L) Shift + Del  - සොෆ්ට්වෙයා රීසෙට් කල හැක

Monday, June 4, 2012

ශ්‍රී ලංකාපාර්ලිමේන්තුව 2

සභා ගර්භය




සභා ගර්භ‌යේ හැඩය ඝෘජු‌‌කෝණාඝ්‍ර වන අතර, එය සමස්ථ ‌ගොඩනැගිල්‌ලේ මධ්‍යම ප්‍ර‌දේශ‌යේ තට්ටු ‌දෙකක උස‌ට පිහිටා ඇත. සැරසිළි සහිත මල ‌නොබැ‌‌දෙන වා‌නේ කණු මත නංවන ලද රජවරුන්ට, පන්සල්වලට සහ ‌කෝරළවලට අයත් රිදියෙන් නිම කරන ලද ‌කොඩි, ධජ සහ පතාක දහ අටක් ද සභා ගර්භ‌යේ ඉහළ කවයක සවි කර ඇති අඩි හතක් උස ශ්‍රී ලංකා‌වේ රාජ්‍ය ලාංඡනය ද එයට ප්‍රතාපවත් බවක් එක් කරයි. වායු සමීකරණ පහසුකම් සහිත සභා ගර්භය ආසන 232 කින් සමන්විත වන අතර එම ආසන කථානායක අසුන දෙපස ආසන 116 බැගින් පනවා ඇත.
සභා ගර්භ‌යේ දකුණු ‌කෙළව‌රේ මැද කථානායකවරයා‌ගේ අසුන පනවා ඇත. කථානායකතුමා‌ගේ අසුනට ‌කෙළින්ම පහළින් පාර්ලි‌මේන්තු‌වේ මහ‌ ‌ලේකම්වරයා, නි‌යෝජ්‍ය මහ ‌ලේකම්වරයා සහ සහකාර මහ ‌ලේකම්වරයා සඳහා ‌මේසය පිහිටුවා ති‌‌බේ. සභා ගර්භ සීමාවට පිටතින් කථානායක අසුන දර්ශනය වන පරිදි වේත්‍රධාරී සහ නියෝජ්‍ය වේත්‍රධාරිගේ ආසන පනවා ඇත.
වි‌ශේෂ කාර්යයන් සඳහා ‌වෙන් වූ වි‌ශේෂ කුටි කීපයක් සභා ගර්භ‌යේ පහළ ‌කොට‌සෙහි පිහිටා ති‌බේ. හැන්සාඩ් නිලධාරීන් සඳහා ‌වෙන් වූ කුටි සහ පාර්ලි‌මේන්තු නිලධාරීන් සඳහා ‌වෙන් වූ කුටි පිළිවෙලින් මූලාසන‌යේ වම් සහ දකුණු පැතිවල පිහිටා ති‌බේ. පාර්ලිමේන්තු කථා පරිවර්තකවරුන් සහ රජයේ නිලධාරීන් සඳහා වෙන් වූ කුටි මූලාසනයට විරුද්ධ දිශා‌වේ පිහිටා ඇත.
සභා ගර්භය ‌දෙපස පුළුල් ආලින්ද පිහිටා ඇති අතර ඒ තුළින් මන්ත්‍රීවරුන් සභා ගැබට ඇතුළු වේ. මන්ත්‍රීවරුන් හට අසුන් ‌ගෙන සුහද සාකච්ඡාවල ‌යෙදීම සඳහා ‌මෙම ආලින්දයන්හි සුවපහසු ආසන සහ අවශ්‍ය අනිකුත් උපකරණ සපයා ති‌බේ.

සෙංකෝලය



පාර්ලි‌මේන්තු‌වේ බල අධිකාරියේ සං‌‌කේතය වන ‌සෙං‌කෝලය මහා බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් 1949 දී ලංකා‌වේ නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය ‌වෙත ප්‍රදානය කරන ලදි. එහි බර රාත්තල් 28 ක් වන අතර දිගින් අඟල් 48 වේ. ‌සෙං‌කෝලය නිර්මාණය කර ඇත්‌තේ, කළුවර යෂ්‌ටියකින් සහ රිදි‌යෙන්, කැරට් 18 රනින් සහ නිල් මැණික් වලින් එය අලංකාර කිරී‌මෙනි. ‌සෙං‌කෝලය පාර්ලි‌මේන්තු බල අධිකාරි‌යේ සං‌කේතයක් ‌ලෙස ද, පාර්ලි‌මේන්තුව තුළින් කථානායකවරයා‌ගේ බල අධිකාරි‌යේ සං‌කේතයක් ‌ලෙස ද පැවතී ඇති බැවින්, පාර්ලි‌මේන්තුවට ‌සෙං‌කෝලය ‌නොමැතිව රැස්විය ‌නොහැකි ‌වේ. සෙං‌කෝලය රැ‌ගෙන යන ‌වේත්‍රධාරී මහ ‌ලේකම්වරයා සහ ඔහු‌ගේ නි‌යෝජ්‍ය නිලධාරීන් ද ‌පෙරටු ‌කොට කථානායකවරයා සභා ගර්භයට පැමිණීමත් සභා ගර්භ‌යෙන් පිටවීමත් සිදු ‌වේ.
පාර්ලි‌මේන්තුව රැස්‌වෙන අවස්ථාවල දී ‌වේත්‍රධාරී විසින්, පාර්ලි‌මේන්තුවේ මහ ‌ලේකම්වරයා‌ගේ ‌මේසයට ‌කෙළින්ම පහලින් පිහිටා ඇති ආධාරකයක් මත ‌සෙං‌කෝලය තැන්පත් කර තබනු ලැ‌‌බේ

මහා බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් ත්‍යාග කරන ලද කථානායක අසුන


ලංකා නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලයට මහා බ්‍රිතාන්‍ය‌යේ මහජන මන්ත්‍රී මණ්ඩලයෙන් ලැබුණු ත්‍යාගයක් වන කථානායකවරයා‌ගේ ආසනය වසර 200 ක් පමණ පැරණි යයි වාර්තා වී ඇති අතර, එය පිරිසිදු ඉංග්‍රීසි ඕක් ලී‌යෙන් නිමවා ඇත. දෙවන ‌ලෝක යුද්ධ සම‌යේ අර්ධ වශ‌යෙන් විනාශ වූ බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩලයෙන් ඉවත් කරන ලද යට ලීයකින් මෙය නිර්මාණය කර ති‌බේ. එය අඩි 6 ක් උස වන අතර, රන් ආලේපිත පත්‍ර ආකාර මෝස්තරයක් එහි කැටයම් කර තිබේ. එය තද ‌ලෝහිත වර්ණ‌යෙන් යුතුව සුවපහසු ආකාරයට කුෂන් කර ඇති අතර ආසන‌යේ ශීර්ෂය ‌කොටස යට සම් ආවරණයක් මත සිංහල සිංහයා කඩුවක් රැ‌ගෙන සිටින ආකාර‌යෙන් රනින් කැටයම් කර ති‌බේ.


මහා බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් ත්‍යාග කරන ලද කථානායක අසුන


උපුටා ගැනීමකි 

ශ්‍රී ලංකාපාර්ලිමේන්තුව


 ශ්‍රී ලංකාපාර්ලිමේන්තුව