.......ආ‍යුබෝවන්......

Monday, June 4, 2012

ශ්‍රී ලංකාපාර්ලිමේන්තුව 2

සභා ගර්භය




සභා ගර්භ‌යේ හැඩය ඝෘජු‌‌කෝණාඝ්‍ර වන අතර, එය සමස්ථ ‌ගොඩනැගිල්‌ලේ මධ්‍යම ප්‍ර‌දේශ‌යේ තට්ටු ‌දෙකක උස‌ට පිහිටා ඇත. සැරසිළි සහිත මල ‌නොබැ‌‌දෙන වා‌නේ කණු මත නංවන ලද රජවරුන්ට, පන්සල්වලට සහ ‌කෝරළවලට අයත් රිදියෙන් නිම කරන ලද ‌කොඩි, ධජ සහ පතාක දහ අටක් ද සභා ගර්භ‌යේ ඉහළ කවයක සවි කර ඇති අඩි හතක් උස ශ්‍රී ලංකා‌වේ රාජ්‍ය ලාංඡනය ද එයට ප්‍රතාපවත් බවක් එක් කරයි. වායු සමීකරණ පහසුකම් සහිත සභා ගර්භය ආසන 232 කින් සමන්විත වන අතර එම ආසන කථානායක අසුන දෙපස ආසන 116 බැගින් පනවා ඇත.
සභා ගර්භ‌යේ දකුණු ‌කෙළව‌රේ මැද කථානායකවරයා‌ගේ අසුන පනවා ඇත. කථානායකතුමා‌ගේ අසුනට ‌කෙළින්ම පහළින් පාර්ලි‌මේන්තු‌වේ මහ‌ ‌ලේකම්වරයා, නි‌යෝජ්‍ය මහ ‌ලේකම්වරයා සහ සහකාර මහ ‌ලේකම්වරයා සඳහා ‌මේසය පිහිටුවා ති‌‌බේ. සභා ගර්භ සීමාවට පිටතින් කථානායක අසුන දර්ශනය වන පරිදි වේත්‍රධාරී සහ නියෝජ්‍ය වේත්‍රධාරිගේ ආසන පනවා ඇත.
වි‌ශේෂ කාර්යයන් සඳහා ‌වෙන් වූ වි‌ශේෂ කුටි කීපයක් සභා ගර්භ‌යේ පහළ ‌කොට‌සෙහි පිහිටා ති‌බේ. හැන්සාඩ් නිලධාරීන් සඳහා ‌වෙන් වූ කුටි සහ පාර්ලි‌මේන්තු නිලධාරීන් සඳහා ‌වෙන් වූ කුටි පිළිවෙලින් මූලාසන‌යේ වම් සහ දකුණු පැතිවල පිහිටා ති‌බේ. පාර්ලිමේන්තු කථා පරිවර්තකවරුන් සහ රජයේ නිලධාරීන් සඳහා වෙන් වූ කුටි මූලාසනයට විරුද්ධ දිශා‌වේ පිහිටා ඇත.
සභා ගර්භය ‌දෙපස පුළුල් ආලින්ද පිහිටා ඇති අතර ඒ තුළින් මන්ත්‍රීවරුන් සභා ගැබට ඇතුළු වේ. මන්ත්‍රීවරුන් හට අසුන් ‌ගෙන සුහද සාකච්ඡාවල ‌යෙදීම සඳහා ‌මෙම ආලින්දයන්හි සුවපහසු ආසන සහ අවශ්‍ය අනිකුත් උපකරණ සපයා ති‌බේ.

සෙංකෝලය



පාර්ලි‌මේන්තු‌වේ බල අධිකාරියේ සං‌‌කේතය වන ‌සෙං‌කෝලය මහා බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් 1949 දී ලංකා‌වේ නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය ‌වෙත ප්‍රදානය කරන ලදි. එහි බර රාත්තල් 28 ක් වන අතර දිගින් අඟල් 48 වේ. ‌සෙං‌කෝලය නිර්මාණය කර ඇත්‌තේ, කළුවර යෂ්‌ටියකින් සහ රිදි‌යෙන්, කැරට් 18 රනින් සහ නිල් මැණික් වලින් එය අලංකාර කිරී‌මෙනි. ‌සෙං‌කෝලය පාර්ලි‌මේන්තු බල අධිකාරි‌යේ සං‌කේතයක් ‌ලෙස ද, පාර්ලි‌මේන්තුව තුළින් කථානායකවරයා‌ගේ බල අධිකාරි‌යේ සං‌කේතයක් ‌ලෙස ද පැවතී ඇති බැවින්, පාර්ලි‌මේන්තුවට ‌සෙං‌කෝලය ‌නොමැතිව රැස්විය ‌නොහැකි ‌වේ. සෙං‌කෝලය රැ‌ගෙන යන ‌වේත්‍රධාරී මහ ‌ලේකම්වරයා සහ ඔහු‌ගේ නි‌යෝජ්‍ය නිලධාරීන් ද ‌පෙරටු ‌කොට කථානායකවරයා සභා ගර්භයට පැමිණීමත් සභා ගර්භ‌යෙන් පිටවීමත් සිදු ‌වේ.
පාර්ලි‌මේන්තුව රැස්‌වෙන අවස්ථාවල දී ‌වේත්‍රධාරී විසින්, පාර්ලි‌මේන්තුවේ මහ ‌ලේකම්වරයා‌ගේ ‌මේසයට ‌කෙළින්ම පහලින් පිහිටා ඇති ආධාරකයක් මත ‌සෙං‌කෝලය තැන්පත් කර තබනු ලැ‌‌බේ

මහා බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් ත්‍යාග කරන ලද කථානායක අසුන


ලංකා නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලයට මහා බ්‍රිතාන්‍ය‌යේ මහජන මන්ත්‍රී මණ්ඩලයෙන් ලැබුණු ත්‍යාගයක් වන කථානායකවරයා‌ගේ ආසනය වසර 200 ක් පමණ පැරණි යයි වාර්තා වී ඇති අතර, එය පිරිසිදු ඉංග්‍රීසි ඕක් ලී‌යෙන් නිමවා ඇත. දෙවන ‌ලෝක යුද්ධ සම‌යේ අර්ධ වශ‌යෙන් විනාශ වූ බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩලයෙන් ඉවත් කරන ලද යට ලීයකින් මෙය නිර්මාණය කර ති‌බේ. එය අඩි 6 ක් උස වන අතර, රන් ආලේපිත පත්‍ර ආකාර මෝස්තරයක් එහි කැටයම් කර තිබේ. එය තද ‌ලෝහිත වර්ණ‌යෙන් යුතුව සුවපහසු ආකාරයට කුෂන් කර ඇති අතර ආසන‌යේ ශීර්ෂය ‌කොටස යට සම් ආවරණයක් මත සිංහල සිංහයා කඩුවක් රැ‌ගෙන සිටින ආකාර‌යෙන් රනින් කැටයම් කර ති‌බේ.


මහා බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් ත්‍යාග කරන ලද කථානායක අසුන


උපුටා ගැනීමකි 

ශ්‍රී ලංකාපාර්ලිමේන්තුව


 ශ්‍රී ලංකාපාර්ලිමේන්තුව