.......ආයුබෝවන්......
Tuesday, September 3, 2013
Thursday, January 10, 2013
අැපල් ගැන දැනගන්න
දිනපතා ඇපල් ගෙඩියක් අනුභව කරන්නේ නම්, වෛද්‍යවරයා හමුවීමට අවශ්‍ය නැත.
මෙම පැරණි ඉංග‍්‍රීසි කියමන ඇතැම් විට ඔබත් අසා ඇතුවාට සැක නැත.
ප‍්‍රනීත රසයෙන් යුතු විටමින් සී බහුල ඇපල් ආහාරයට එක්කර ගැනීමෙන් රෝග රැුසකින් ආරක්ෂා විය හැකි බව, වෛද්‍ය විද්‍යාත්මකව ද තහවුරු කර ඇති කරුණකි.
පෙනහළු රෝග, මොළයේ ආබාධ, දන්ත රෝග, පිළිකා ෙසෙල වර්ධනය වීම වළක්වාලීමේ මහඟු ගුණයකින් යුතු නැවුම් ඇපල් පලතුර, බාල මහලූ කොයි කාටත් එක ලෙස ගුණදායකය. එදා ඇපල් පලතුර අනුභව කිරීමෙන් නිරෝගී සුවය ලැබුණත්, අද ආනයනික ඇපල් ආහාරයට ගැනීමෙන් බොහෝදුරට සිදුවන්නේ නොසිතන රෝග රැුසකට ගොදුරු වීමට සිදුවීමය.
මෙරටට ගෙන්වන ඇපල් ප‍්‍රමාණය
2013 වසරේදී පමණක් මෙරටට ගෙන්වා තිබෙන ඇපල් කිලෝග‍්‍රෑම් ප‍්‍රමාණය 21,061332 (කිලෝ ලක්ෂ දෙසියය දහයක්) ක් ගෙන්වා තිබේ.
එහි මූල්‍යමය වටිනාකම රුපියල් 1,843,111,009 කි. මෙරට අධ්‍යාපනයටවත් වියදම් නොකරන මේසා විශාල මුදලක් රසායන ද්‍රව්‍ය බොහොමයක් යෙදවූ ඇපල් පලතුර ගෙන්වීමට යෙදවීම විටෙක පුදුම සහගතය.
දොඩම්, මිදි, කිවි, ඇප්රිකෝට්, ස්ට්‍රෝබෙරි වැනි ආනයනික පලතුරු හා බැලීමේදී මෙරටට ආනයනයේ කෙරෙන වැඩිම පලතුර වන්නේ ඇපල්ය. එය ප‍්‍රතිශතයක් ලෙස ගත් කල සියයට 44 ප‍්‍රමාණයකි.
මෙරටට ගෙන්වීම
හොඳම ඉස්තරම් ඇපල් තවමත් මෙරටට ගෙන්වනුයේ ඕස්ටේ‍්‍රලියාවෙනි. පොත්ත රතු, පෙනුමෙන් පැහැපත්, මිලෙන් වැඩි, රසයෙන් වැඩි, සුපිරි ඇපල් පවා මෙරටට ආනයනය කෙරෙනුයේ ඵලදාව නෙළා මාස නවයක් පමණ පරණ වී ගිය පසුව බව කිවහොත් ඇතැම් විට ඔබ පුදුම වන්නටත් පුළුවන. අපි‍්‍රකානු රටවල්, එංගලන්තය, කැනේඩියානු රටවලින් මෙරටට ගෙන්වන ඇපල් අවම වශයෙන් වසර එකහමාරක් පැරණිය. වැඩිම වශයෙන් වසර හතරක් පැරණිය.
ලොව පොහොසත් රටවල් තමන් පරිභෝජනයට නොගන්නා ඇපල් සියල්ල අප‍්‍රිකානු රටවලට සහ ආසියානු රටවලට බහුලව බෙදා හරී.
එලෙස ඉවත දමන ඇපල් අතරමැදියන් යටතේ කුඩා රටවලට යැවීමට සාමාන්‍ය පරිදි සිදුවේ. එලෙස රටවල් රැුසකට යැවීමට පෙර එම ස්වභාවික පලතුරෙහි ආයු කාලය වැඩිකර ගැනීමට ආනයනකරුවන් විවිධ ක‍්‍රම අනුගමනය කරති.
ජෙල් වර්ග ගැල්වීම, රසායන ද්‍රව්‍ය ඉසීම, ඉටි ගැල්වීම යන්ත‍්‍රානුසාරයෙන් කරති.
ඇතැම් විට මේ කල් තබා ගැනීම්වලට අමතරව මිලිලීටර් 1.5 වැනි රසායන ද්‍රව්‍යයක් එන්නත් කිරීම කෙරේ. එලෙස එන්නත් කිරීමෙන් පසුව එම සිදුරු වැසීමට කුඩා ප‍්‍රමාණයේ ස්ටිකරයක් අලවන බවද වාර්තා වේ.
ඇතැම් ස්ටිකර් ඇලවූ ඇපල් ගෙඩිවල, ස්ටිකරය ගැලවූ පසු පුංචි සිදුරක් හෝ, පිම්බුණ ස්වභාවයක් දක්නට ලැබෙන්නේ එහෙයිනි. එලෙස කිරීමෙන් ඇපල් පලතුරෙහි මතුපිට පොත්ත කිසිඳු හානියක් නොමැතිව සිව් වසරක කාලයක් නිරුපද්‍රිතව තබාගත හැකිය.
රට වලින් ඉවත් කරන ඇපල්.
ප‍්‍රංශය, ස්විස්ටර්ලන්තය, ජර්මනිය, ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය වැනි ඉහළ සෞඛ්‍ය පහසුකම් ඇති දියුණු රටවල පාරිභෝගිකයන් ඇපල් පරිභෝජනයට ගන්නේ ඵලදාව නෙළා දින 06 කාලයකදී පමණි.
.jpg)
දින හයකට වඩා වැඩි ඇපල් ගෙඩියක් ඔවුන් හඳුන්වන්නේ කාලය ඉකුත්වූ භාවිතයට නුසුදුසු පලතුරක් ලෙසය.
අධි ශීතකරණවල තැබුවද, ඔවුන් එවැනි පලතුරක් ගැනීමට කැමැත්තක් දක්වන්නේ නැත.
එම නිසාම එවැනි පලතුරු වෙළෙඳ පොළෙන් ඉවත් කිරීම සාමාන්‍ය පරිදි සිදුවේ. ලොව බොහෝ රටවල් ටොන් ගණනින් කන්ටේනර් ගණනින් භාවිතයට නොගෙන ඉවත දමන ඇපල් පලතුර වටාද අතරමැදි වෙළෙඳ පොළක් නිර්මාණය වී ඇත්තේ කලක පටන් නිරායාසයෙනි.
කොම්පෝස්ට් පොහොර සකස් කිරීමට, වළ දැමීමට හෝ විසිකර දැමීමට අදාළ රටවලින් ආධාර මුදල් පවා ලබාගන්නා ඇතැම් අතරමැදියන් ඉතා කූට ලෙස හැසිරෙන බව තොරතුරු සොයා ගිය අපට දැන ගන්නට ලැබිණි.
මෙලෙස දියුණු රටවලින් ඉවත දමන ඇපල් අප රටවල ව්‍යාපාරිකයන්ට හුදෙක් ලැබෙනුයේ නොමිලේය.
ලංකාව, ඉන්දියාව, පකිස්ථානය සහ අරාබි රටවල බොහෝ අතරමැදියන් අදාළ රටවලින් ඉවත්කරන පලතුරු ලබාගෙන, අතරමගදී ලියවිලි සකස් කර කන්ටේනර් පිටින් නැව්ගත කර ඒ ඒ රටවලට යැවීමය.
එලෙස නැව් මඟින් මෙරටට පලතුරු ගෙන්වීමේදී මාස ගණනාවක් ගතවේ. ඇතැම් විට අවම උෂ්ණත්ව යටතේ ගබඩා කර තැබූ වසර දෙක තුනක් පැරණි ඇපල් පවා මෙරට වෙළෙඳ පොළට ඒම සිදුවන්නේ එහෙයිනි.
ආනයනික පලතුරුවලින් ඇපල්, පෙයාස්, මිදි සහ රට දොඩම් ඉතාම අඩු මිලට මෙරටට ලැබෙන පලතුරුය. මේ පලතුරක් පමණක් නොව ලංකා දේශගුණයේ හැදී වැඩෙන පේර, දොඩම්, ලෙමන්, නාරං පවා පිටරටින් මෙරටට ගෙන්වීමට ලාභ උපරිමයෙන් ලබාගන්නා ව්‍යාපාරිකයන් පුරුද්දක් බවට කරගෙන තිබේ.
ඇපල් ඇසිරීම
සුපිරි වෙළෙඳ සල් සංකල්පය මෙරට ප‍්‍රචලිත වීමත් සමඟ ආනයනික පලතුරුවලට ද ඉහළ ඉල්ලූමක් ලැබුණු බව නොරහසකි. ඒ සඳහා බලපා ඇති ප‍්‍රධාන වෙළෙඳ උපක‍්‍රමය වන්නේ ඇස් මට්ටමෙන් ඇපල්, මිදි, දොඩම්, පෙයාස් ආදිය අසුරණු ලැබීමය.
ගමේ කඬේ පිලේ, පොළේ සිදාදියේ පන් පැදුරු එළාගෙන පලතුරු විකුණනවාට වඩා සුපිරි වෙළෙඳ සල් මඟිින් ආනයනික පලතුර ප‍්‍රචලිත වීමට එය විශාල හේතුවක් වී ඇත.
විශේෂයෙන්ම පලතුර සතු පෙනුම, පාට, දිලිසෙන ස්වභාවය සහ මිහිරි රසය ඇපල් වැනි පලතුර ගුණය පිළිබඳ සැලකිල්ලක් නොදක්වා ආහාරයට හුරුවීමට හේතුවී තිබේ.
තම දරුවාට ලබාදිය හැකි සුපිරිම පලතුර ඇපල් යැයි සිතන නිසාත්, රෝගියකු බලන්නට යාමේදී ඉතා වටිනාකමෙන් යුක්තව ගෙන යා හැකි පලතුර ඇපල් යැයි සිතන නිසාත් අප රටේ ඇපල් නොකන වැඩිහිටියකු, දරුවකු, තරුණයකු නොමැති තරම්ය.
නමුත් අපේම රටේ අපේ පොළොවේ වැවෙන නෙල්ලි, බෙලි, උගුරැුස්ස, වැනි අප රටේ හැදී වැඩෙන පෝෂණ පදාර්ථයන්ගෙන් ඉහළ පලතුරු නොකෑ ඕනෑ තරම් පිරිස ඇති බව නොරහසකි.
පරණ පලතුරු හඳුනාගැනීම
ස්වභාව දහමේ ක‍්‍රියාකාරිත්වය හිරු එළියේ ක‍්‍රියාකාරිත්වය අනුව සාමාන්‍යයෙන් නැවුම් පලතුරක සක‍්‍රිය ආයු කාලය දින විසි එකකි.
නමුත් ඇතැම් පලතුරු මේ දින ගණන වඩා බොහෝ කාලයක් නිරුපද්‍රිතව තිබෙන බව, අපි ඕනෑ තරම් දැක ඇත්තෙමු.
එලෙස ස්වාභාවික ක‍්‍රියා පටිපාටියෙන් මිදී පලතුර නරක් නොවී තිබීමට මූලිකවම හේතු වන්නේ රසායන ද්‍රව්‍ය යෙදීම බව මෙයින් මනාව ගම්‍ය වේ.
ලෙල්ල අඳුරු පැහැවීම,
එබෙන සුළු බවයකින් යුක්ත වීම,
පලතුරට ආවේණික සුවඳ, ගඳ වෙනස් වීම,
මැස්සන්, කෝඳුරු වැනි කුඩා කෘමීන් පරණ පලතුර ආශ‍්‍රයෙන් වැඩිපුර දැකගත හැකිය.
ආහාරයට ගැනීමේදී රසයේ වෙනසක්, පොත්ත ඉවත් කළ විට අවපැහැ ගැන්වීමක්ද දක්නට ලැබීම සාමාන්‍ය පරිදි සිදුවේ.
ගසේ ඇති ඵලයක් නටුවෙන් ඉවත් කළ විට ස්වභාවිකව ගසින් පලතුරට ලැබුණ නයිට‍්‍රජන් ප‍්‍රමාණය ඉවත් වී යයි.
නැවුම් පැපොල් ගෙඩියක්, අඹ ගෙඩියක් හෝ ඕනෑම පලතුරක් ගත්තද දින කිහිපයකින් පලතුර නරක්වීමට ලක්වෙන්නේ ස්වභාව දහමේම ක‍්‍රියාදාමයක් ලෙසටය.
එලෙස ස්වභාවික චක‍්‍රයෙන් ඉවත් වන්නේ රසායන ද්‍රව්‍ය, රසායනික පොහොර හෝ වෙනත් කල් තබා ගැනීමේ රසායනයන් යෙදවීමේ ක‍්‍රමවේදයක් ලෙසටය.
මෙවැනි ආනයනික පලතුරු මෙරට වෙළෙඳ පොළට පැමිණීම වළක්වාලීමට නියමිත ක‍්‍රමවේදයක් තවමත් සකස් වී නැත. ඒ ආනයනික පළතුරට ලැබෙන බදු ආදායම මෙරටට නොලැබේය යන බියෙනි.
ලංකාවේ පසෙහි ඕනෑම පලතුරක් වගා කිරීමට පුළුවන. රටට ආවේණික නොවූ ආගන්තුක ඩ‍්‍රැගන් පලතුර වගා කිරීමේ අභියෝගයද අප රට අද ජයගෙන ඇත්තෙමු.
එසේ බැලූ කල ලංකාවේ ඕනෑම පලතුරක් අප පොළොවේ පස විවෘතය.
රෝග
දෛනිකව පලතුරක් ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යයට හිතකර බවත්, නිරෝගී බව ආරක්ෂා කර ගැනීමට උපකාරී වෙන බවත්, සාමාන්‍ය වෛද්‍ය මතය.
ශරීරයට අවශ්‍ය විටමින් වර්ග ලබාගැනීමටත්, ශරීර ප‍්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමටත්, සේම නිරෝගී බව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ඇපල් පලතුර පරිභෝජනයට ගත්තත්, ලෙඩකු බවට පත්වීම වළක්වාගත හැකි නොවේ.
වර්තමානයේදී ආනයනික ඇපල් අනුභව කිරීමෙන් ශරීරයට හිතකර සංඝටකවලට වඩා ලැබෙනුයේ මාරාන්තික ලෙඩ රෝග රැුසකි.
රසායන ද්‍රව්‍ය අඩංගු පොත්ත ඉවත් නොකර ආහාරයට ගැනීමේ මේ තත්ත්වය වඩාත් බරපතළය.
ළමා වකුගඩු රෝග ඉහළ යෑමට මෙලෙස අධි රසායන යෙදූ කල් ඉකුත් වූ ඇපල් භාවිත කිරීම හේතුවී තිබේ. විශේෂයෙන්ම අමාශගත රෝග වැඩිවීමටත් එය හේතුවකි.
මීට අමතරව හෘදයාබාධ ඇතිවීම, ශරීරයේ විකෘති ෙසෙල සක‍්‍රීය වී බඩවැල් ආශ‍්‍රිත පිළිකා වැනි රෝගී තත්ත්වයක් ඇති වීමද, පිත්තාශ රෝගවලටද හේතු විය හැකිය.
එපමණක් නොව දරුවන්ගේ ශරීර ප‍්‍රතිශක්තිය හීන වීමටද විෂ රසායන බොහොමයක් යෙදවූ ආනයනික ඇපල් පලතුර හේතු වී ඇත.
මෙරට ඇපල් වගාව සාර්ථක නොවීමට හේතු
මෙරට පසේ ඇපල් වගාව සාර්ථකව වගා කළ හැකි වුවත්, බොහෝ වගාකරුවෝ ඊට වැඩි කැමැත්තක් නොදක්වති. ඊට ප‍්‍රධානම හේතුවක් වන්නේ මෙරට බිමේ වගා කෙරෙන ඇපල් ගෙඩියක් සියලූ වියදම් පියවා, වෙළෙඳ පොළට නිකුත් කිරීමේදී පාරිභෝගිකයාට දරාගත නොහැකි මිලකට ඇපල් ගෙඩියකට මිල නියම කිරීමට සිදුවීමය.
නමුත් ආනයනික ඇපල් ඉතා අවම මිල ගණන් යටතේ මිලදී ගැනීමට හැකියාව ලැබෙන නිසාම, වෙළෙඳ පොළ තුළ අදට ද ඉහළ ඉල්ලූමක් පවතිනුයේ ආනයනික පලතුරටය.
තවත් අතකින් ආනයනික පලතුර වසර හතරක පමණ කාලයක් නිරුපද්‍රිතව තබා ගැනීමට හැකි වීමද, ආනයනික ඇපල් පලතුරට වෙළෙන්ඳන් ද වැඩි කැමැත්තක් දක්වන්නේ, අලෙවි නොවුණද ඇපල් පලතුර ඉවත් කිරීමට නොහැකි වීමය.
විශේෂ ස්තූතිය එක්සත් රාජ්‍යයේ රාජකීය වෛද්‍ය, විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න මහතාට
උපුටා ගැනීමකි
Wednesday, December 5, 2012
මම කැමති නෑන ට, නෑන කැමති නෑ මට
ජයමංගල ගී තාලෙට..
පිඹ පිඹ බටදඬු නලා..
ජයපැන් බොන සෙබල රැලක්..
විලසට හඩ තල තලා..
රසකර මම පවසන්නෙමි..
මිණි කිංකිණි සොලවලා..
අසනු මැනවි අසනු මැනවි..
අසනු මැනවි තුටුවෙලා...
පරයන ඉඳුනිල් කැට..
දෙනෙතෙහි ඇති කැල්මට..
වසඟ නොවන් මෙහි කවුරුද..
නෑනගෙ එක බැල්මට..
මම කැමතියි නෑනට...//
පොත්ටික තුරුලට අරන්..
මුව මදහස රැලි පෙරන්..
පාසල් යන දෙවැට දිගේ..
නෑනා මගෙ රත්තරන්..
මම කැමතියි නෑනට...//
අඩසඳ වන් නළලතේ..
චන්දන තිළකය ඇතේ..
සිකිපිල වැනි වැනි කෙස් කළඹද..
කිතුල් රෑන පැරදෙතේ..
මම කැමතියි නෑනට නෑනාට
නෑනා කැමති නෑ මට...
මම කැමතියි නෑනට නෑනාට
නෑනා කැමති නෑ මට...
මුහුදෙහි රළ පෙල ගැසී..
ගමන සදිසි යන ලැසී...
ඇගෙයි මගෙයි ආදරයට..
ආසිරි මල් වැසි වසියි...
මම කැමතියි නෑනට...//
නහැඹුල් හද කිතිකැවී..
නව රසදුන් සරසවී..
මගෙ දුප්පත් පැලේ ඉන්න..
එනවද මදු මාධවී...
මම කැමතියි නෑනට...//
ඔබෙන් ලැබෙන තොත්තුවේ..
රසයට හද පත්තුවේ..
කිරි පැණියි වගේ ඉන්න..
එන්වද මගෙ වස්තුවේ..
මම කැමතියි නෑනට...//
කරදර බාධක මැද්දේ..
දිවි ගඟ පහලට ඇද්දේ..
ගල් පර දැක පෙරමුණේ..
මොන නදියද නැවතුනේ..
මම කැමතියි නෑනට...//
හසරැලි නැත්තම් මුහුණේ..
සිතුවිලි ලස්සන ද නැතේ..
වේදනාව නැති ලොවේ..
ජීවිත රසවත් නොවේ..
මම කැමතියි නෑනට...//
ගන්නට ඔබ වාඩුවක්..
නැහැ මට ඉන් පාඩුවක්..
හදමුද අපි කූඩුවක්..
වෙමුද පරවි ජෝඩුවක්..
මම කැමතියි නෑනට...///
ගායනය : සහන් ජයශාන්ත
(මුල් ගායනය සහ ගී පද - එම්. වී ගුණදාස)
Sunday, November 25, 2012
වෙබ් පිටුව PDF එකක් බවට..
ඔබ අන්තර්ජාලය භාවිතා කරන කොට ඔබට අවශ්‍ය වෙබ් පිටු ඕන තරම් හම්බ වෙනවා. ඒවාගෙන් අමතක වෙයි කියල හිතන නමුත් ඔබට එම වෙබ් පිටුත් අනිවාර්යෙන්ම අනාගතයේදී අවශ්‍ය වෙනවාවනම් ඔබ කරන්නේ එම පිටු Bookmark කරගැනීම හෝ එම වෙබ් පිටුවම ඔබගේ පරිගණකයට Save කර ගැනීමයි.
මෙම ක්‍රම දෙකම සාර්ථක ක්‍රම උනාට මීට වඩා ගොඩක් හොද ක්‍රමයක් තමයි ඔබට අවශ්‍ය වෙබ් පිටුව PDF එකක් විදියට Save කරගන්න පුළුවන් එක. එතකොට ඔබට පුළුවන් අන්තර්ජාලය නොමැති අවස්ථාවක උනත් එම පිටුව ඉතාමත් පැහැදිලිව බලාගන්න.
ඔබ භාවිතා කරන්නේ Google Chrome Browser එකනම් ඔබට පුළුවන් ඕනෑම වෙබ් පිටුවක් කිසිම Extension එකක් නැතිව Google Chrome Browser එක හරහාම එම වෙබ් පිටුව PDF එකක් බවට හරවා Download කරගන්න.
මුලින්ම ඔබට අවශ්‍ය වෙබ් පිටුවට ගිහින් CTRL Button එකත් සමග P අකුර ඔබන්න. එතකොට පහත ආකාරයේ Windows එකක් ඔබට දිස්වේවි.
මෙම ක්‍රම දෙකම සාර්ථක ක්‍රම උනාට මීට වඩා ගොඩක් හොද ක්‍රමයක් තමයි ඔබට අවශ්‍ය වෙබ් පිටුව PDF එකක් විදියට Save කරගන්න පුළුවන් එක. එතකොට ඔබට පුළුවන් අන්තර්ජාලය නොමැති අවස්ථාවක උනත් එම පිටුව ඉතාමත් පැහැදිලිව බලාගන්න.
ඔබ භාවිතා කරන්නේ Google Chrome Browser එකනම් ඔබට පුළුවන් ඕනෑම වෙබ් පිටුවක් කිසිම Extension එකක් නැතිව Google Chrome Browser එක හරහාම එම වෙබ් පිටුව PDF එකක් බවට හරවා Download කරගන්න.
මුලින්ම ඔබට අවශ්‍ය වෙබ් පිටුවට ගිහින් CTRL Button එකත් සමග P අකුර ඔබන්න. එතකොට පහත ආකාරයේ Windows එකක් ඔබට දිස්වේවි.
එතනින් ඔබට Destination එක change කරන්න Save As PDF විදියට. ඒ විදියට Destination එක change කරාම ඊට ඉහලින් ඇති Save Button එක Click කිරීම මගින් ඔබට අවශ්‍ය ඕනෑම වෙන් පිටුවක් PDF එකක් බවට හරවා Download කරගන්න පුළුවන්.
Wednesday, July 25, 2012
මොබයිල් ෆොන් වල රහස් කේතයන්
NOKIA
1. *#92702689# - දුරකතනය භාවිතා කල ඇති කාලය,නිෂ්පාදන වර්ෂය,දිනය විකිනුම් දිනය
2. *#0000# - මෘදුකාංග සංස්කරණයේ දිනය, මාදිලිය
3. *#7780# - කර්මාන්ත ශාලාවේ සකසා තිබු මුල් තත්වයට පත් කරයි
4. *#06# - අදාල එමි නම්බර් එක බලාගත හැක
Sony Ericsson
1. use joy and * like this
-> * <- <- * <- * - සම්පුර්න විස්තර සහිත මෙනුව
2. #82# - මෘදුකාංග සංස්කරනයේ දිනය
3. 0# - අවසන් වරට ඩයල් කල නම්බර්
Samsung Anroid
1. *#*#7780#*# - කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට පරිවර්තනය කරයි
2. *#*#232331#*#* - බ්ලු ටුත් පරීක්ෂාව
3. *#*#0*#*#* - එල් සී ඩී පරීක්ෂාව
4. *#*#2663#*#* - ටච් ස්ක්‍රීන් පරීක්ෂාව
Samsung
1. *#9999# or *0837 - මෘදුකාංග සංස්කරණ අංකය,දුරකතන මාදිලිය
2. #9125# - මෘදුකාංල සංස්කරණ පෙන්වයි
3. *#9998*246# - ඩීබග් මෙනුවට
4. *#9998*523# - වයිබ්‍රේට්
5. *#8999*837# - හාඩ්වෙයා සංස්කරණ
6.#*2562# or #*3849# - දුරකතනය රීස්ටාර්ට් කිරීම
Backberry
1. Alt + RBVS - වෙබ් පිටුවක කෝඩ් බලා ගත හැක
2. Alt + (L)Shift + H - හෙල්ප් මී මෙනුවට
4. Alt + (L) Shift + Del - සොෆ්ට්වෙයා රීසෙට් කල හැක
Monday, June 4, 2012
ශ්‍රී ලංකාපාර්ලිමේන්තුව 2
සභා ගර්භය
සභා ගර්භයේ හැඩය ඝෘජුකෝණාඝ්‍ර වන අතර, එය සමස්ථ ගොඩනැගිල්‌ලේ මධ්‍යම ප්‍රදේශයේ තට්ටු දෙකක උසට පිහිටා ඇත. සැරසිළි සහිත මල නොබැදෙන වානේ කණු මත නංවන ලද රජවරුන්ට, පන්සල්වලට සහ කෝරළවලට අයත් රිදියෙන් නිම කරන ලද කොඩි, ධජ සහ පතාක දහ අටක් ද සභා ගර්භයේ ඉහළ කවයක සවි කර ඇති අඩි හතක් උස ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය ද එයට ප්‍රතාපවත් බවක් එක් කරයි. වායු සමීකරණ පහසුකම් සහිත සභා ගර්භය ආසන 232 කින් සමන්විත වන අතර එම ආසන කථානායක අසුන දෙපස ආසන 116 බැගින් පනවා ඇත.
සභා ගර්භයේ දකුණු කෙළවරේ මැද කථානායකවරයාගේ අසුන පනවා ඇත. කථානායකතුමාගේ අසුනට කෙළින්ම පහළින් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා, නියෝජ්‍ය මහ ලේකම්වරයා සහ සහකාර මහ ලේකම්වරයා සඳහා මේසය පිහිටුවා තිබේ. සභා ගර්භ සීමාවට පිටතින් කථානායක අසුන දර්ශනය වන පරිදි වේත්‍රධාරී සහ නියෝජ්‍ය වේත්‍රධාරිගේ ආසන පනවා ඇත.
විශේෂ කාර්යයන් සඳහා වෙන් වූ විශේෂ කුටි කීපයක් සභා ගර්භයේ පහළ කොටසෙහි පිහිටා තිබේ. හැන්සාඩ් නිලධාරීන් සඳහා වෙන් වූ කුටි සහ පාර්ලිමේන්තු නිලධාරීන් සඳහා වෙන් වූ කුටි පිළිවෙලින් මූලාසනයේ වම් සහ දකුණු පැතිවල පිහිටා තිබේ. පාර්ලිමේන්තු කථා පරිවර්තකවරුන් සහ රජයේ නිලධාරීන් සඳහා වෙන් වූ කුටි මූලාසනයට විරුද්ධ දිශාවේ පිහිටා ඇත.
සභා ගර්භය දෙපස පුළුල් ආලින්ද පිහිටා ඇති අතර ඒ තුළින් මන්ත්‍රීවරුන් සභා ගැබට ඇතුළු වේ. මන්ත්‍රීවරුන් හට අසුන් ගෙන සුහද සාකච්ඡාවල යෙදීම සඳහා මෙම ආලින්දයන්හි සුවපහසු ආසන සහ අවශ්‍ය අනිකුත් උපකරණ සපයා තිබේ.
සෙංකෝලය
පාර්ලිමේන්තුවේ බල අධිකාරියේ සංකේතය වන සෙංකෝලය මහා බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් 1949 දී ලංකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙත ප්‍රදානය කරන ලදි. එහි බර රාත්තල් 28 ක් වන අතර දිගින් අඟල් 48 වේ. සෙංකෝලය නිර්මාණය කර ඇත්‌තේ, කළුවර යෂ්‌ටියකින් සහ රිදියෙන්, කැරට් 18 රනින් සහ නිල් මැණික් වලින් එය අලංකාර කිරීමෙනි. සෙංකෝලය පාර්ලිමේන්තු බල අධිකාරියේ සංකේතයක් ලෙස ද, පාර්ලිමේන්තුව තුළින් කථානායකවරයාගේ බල අධිකාරියේ සංකේතයක් ලෙස ද පැවතී ඇති බැවින්, පාර්ලිමේන්තුවට සෙංකෝලය නොමැතිව රැස්විය නොහැකි වේ. සෙංකෝලය රැගෙන යන වේත්‍රධාරී මහ ලේකම්වරයා සහ ඔහුගේ නියෝජ්‍ය නිලධාරීන් ද පෙරටු කොට කථානායකවරයා සභා ගර්භයට පැමිණීමත් සභා ගර්භයෙන් පිටවීමත් සිදු වේ.
පාර්ලිමේන්තුව රැස්‌වෙන අවස්ථාවල දී වේත්‍රධාරී විසින්, පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ මේසයට කෙළින්ම පහලින් පිහිටා ඇති ආධාරකයක් මත සෙංකෝලය තැන්පත් කර තබනු ලැබේ
මහා බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් ත්‍යාග කරන ලද කථානායක අසුන
| මහා බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් ත්‍යාග කරන ලද කථානායක අසුන |
උපුටා ගැනීමකි
Subscribe to:
Posts (Atom)



.jpg)