.......ආ‍යුබෝවන්......

Monday, June 4, 2012

ශ්‍රී ලංකාපාර්ලිමේන්තුව


 ශ්‍රී ලංකාපාර්ලිමේන්තුව

සභා ද්වාරයගර්භ‌යේ 













සභා ගර්භ‌යේ අලංකාර ප්‍රධාන ද්වාරය දර්ශනීය අයුරින් සැරසිලි කර ඇති අතර එය තඹ වලින් නිමවා රිදී තහඩුවකින් ආවරණය කර ඇත. මෙම ද්වාරය දිගින් අඩි 12 ක් සහ පළලින් අඩි 12 ක් වන අතර එයට විස්මය දනවන ත්‍රිමාන ‌පෙනුමක් ලැබී ති‌බේ. ‌පෞරාණික ශිලා‌ලේඛනවල රටාව අනුව යමින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පුර්විකාව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි බසින් ‌මෙම ද්වාර‌යේ කොටා ති‌බේ. ‌මෙම ද්වාර‌යෙහි පිටත මායිම්වල, පුරාණ ශ්‍රී ලංකා‌වේ කලා ශිල්ප පිළිඹිබු කරන දර්ශණීය ‌නෙළුම් මල් රටා සහ සැරසිළි ‌මෝස්තර කැටයම් කර ති‌බේ. බ්‍රිතාන්‍ය ‌කෞතුකාගාර‌යේ ඇති පුරාණ ශ්‍රී ලාංකික උඩු වියනක ඇති මල් ‌මෝස්තරයක් ‌මෙම ද්වාර‌යේ පිටුප‌සෙහි දක්නට ලැ‌බේ.




ආසන පහසුකම්





සභා ගර්භය තුළ මන්ත්‍රීවරුන්ට ආසන පහසුකම් සලසා ඇත්‌තේ ‌මේස සහිතව තට්ටු‌වෙන් තට්ටුව උස් වන පරිදි සවි කළ ආසන මගිනි. සභා ගර්භය තුළ වායු සමීකරණ පහසුකම් ද සහිතව මන්ත්‍රීවරුන් 232 ක් සඳහා ආසන පනවා ඇති අතර සභා ගැ‌බේ මූලික ව්‍යුහය ‌වෙනස් ‌නොකර තවත් 16 ‌දෙ‌නෙකුට එහි ආසන පහසුකම් සැලසිය හැකිය. ඔවු‌නොවුන්ට හිමි ආසන ප්‍රමාණය පදනම්කර ගනිමින් ඒ ඒ පක්ෂ සහ කණ්ඩායම් සඳහා සභාව තුළ ආසන පනවා ඇත. ආණ්ඩු පක්ෂය මූලාසන‌යේ දකුණු පසින් ද, විපක්ෂ ‌දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වම් පසින් ද, සිටින ‌සේ සභා ගර්භය තුළ අසුන් පනවා ති‌බේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව වසර සයක කාල සීමාවක් සඳහා තෝරා ගත් මන්ත්‍රීවරුන් දෙසීය විසිපස් දෙනෙකු‌‌ගෙන් පාර්ලිමේන්තුව සමන්විත විය යුතුවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 98 සහ 99 ව්‍යවස්ථාවල පාර්ලිමේන්තුවේ සංයුතිය පෙන්වා දී තිබේ. මන්ත්‍රීවරුන් 196 දෙ‌නෙකු ජනතාව විසින් මහ මැතිවරණයක දී ‌කෙළින්ම ‌තෝරා පත් කර ගන්නා අතර එවන් මහ මැතිවරණයකදී තරග වදින එක් එක් ‌දේශපාලන පක්ෂය ‌හෝ ස්වාධීන කණ්ඩායම ඔවුන් අතර ලබා ගත් ඡන්ද ප්‍රමාණයට අනුපාතිකව ඉතිරි ආසන 29 බෙදා හරිනු ලැ‌‌බේ

සභා ගර්භ‌‌ සීමාව



ප්‍රධාන ද්වාර‌යෙන් සභා ගර්භයට පිවිසීමට ඇති පියගැට ‌පෙළට කෙළින්ම ඉහළින් සභා ගර්භයේ මැද ‌කොටස මත අතුරා ඇති රතු පැහැති පලස මත, දිග ඝෘජු‌කෝණාස්‍රාකාර නිකල් පටියක් තබා ති‌බේ. මෙය සභා ගර්භ‌යේ සීමාව සලකුණු කරයි. මෙම සීමා‌වේ මුහුණතෙහි, නිර්නිතභාවය, සදාකාලිකත්වය සහ ‌සෞභාග්‍ය සං‌කේතාත්මක කරන සම්ප්‍රදායික එ‌මෙන්ම සංකීර්ණ ‌මෝස්තර කැටයම් කර ඇත. පාර්ලි‌මේන්තු මන්ත්‍රීවරයකු හෝ සභා ගර්භ නිලධාරියකු හෝ ‌නොවන කිසිම පුද්ගල‌යෙකුට ‌මෙම සීමා‌වෙන් ඔබ්බට ගමන් කළ ‌නොහැක. මහ මැතිවරණයකින් පසුව පාර්ලි‌‌මේන්තුව රැස්වන ප්‍රථම දින‌යේ සියළුම මන්ත්‍රීවරුන් සභා සීමාව තුළ අසුන් ‌ගෙන සිටින අවස්ථා‌‌වේදී හැර, දිව්රුම් දීමට නියමිත මන්ත්‍රීවරයකු එ‌සේ දිව්රුම් දීමට ‌පෙර ‌හෝ පාර්ලි‌මේන්තුව හමුවට කැඳවනු ලැබූ පුද්ගලයකු ‌හෝ (එම කාර්යයන් සඳහා ඔවුන් සභා ගර්භය තුළට කැඳවනු ලබන තුරු) සභා ගර්භ සීමාව මත රැඳී සිටිය යුතු ‌වේ. කථානායකවරයා සභා ගර්භයට පැමි‌ණෙන විට ‌වේත්‍රය නො‌හොත් ‌සෙං‌කෝලය රැ‌ගෙන යන ‌වේත්‍රධාරී සහ නි‌යෝජ්‍ය ‌වේත්‍රධාරී අසුන් ‌ගෙන සිටින්‌නේ සභා ගර්භ‌ සීමාවට ඔබ්‌බෙනි. ‌වේත්‍රධාරී හට සභා ගර්භය තුළ කඩුවක් පැළඳ සිටී‌‌මේ වරප්‍රසාදය හිමි ‌වේ

ගැලරි



සභා ගර්භ‌‌යේ ඉහළ ‌කොට‌සේ මහජන ගැලරි සහ පුවත්පත් වාර්තාකරුවන්ගේ ගැලරිය පිහිටා ති‌බේ. කථානායකවරයා‌ගේ ආසනයට ‌කෙළින් ම ඉදිරි‌යෙන් ආසන 96 කින් සමන්විත කථානායකවරයා‌ගේ ගැලරිය පිහිටා ඇති අතර, එය සම්භාවනීය අමුත්තන්ට ‌වෙන් කර ඇත. කථානායකවරයා‌ගේ අසුනට උඩින් පිහිටා ඇති ගැලරි‌යේ පුවත්පත් වාර්තාකරුවන් 64 දෙනෙකු සඳහා ඉඩකඩ සලසා ඇත. මීට අමතරව 450 දෙනෙකුට පමණ ආසන පහසුකම් සලසා ඇති මහජනතාව ‌වෙනුවෙන් ‌වෙන් කරන ලද තවත් ගැලරි 3ක් ති‌බේ.

No comments:

Post a Comment